කරන්නාගොඩ ඇමෙරිකානු තානාපතිනියට එරෙහිව නීති මගට

  • By editor
  • May 3, 2023
  • 0
  • 73 Views

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග්ගේ ක්‍රියාකලාපයෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බව පවසමින් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇය වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තමා සහ තම පවුලේ උදවියට අමෙරිකාවට ඇතුළුවීමට සුදුසුකම් නොලබන පුද්ගලයන් ලෙස නම්කළ සිද්ධියේදී එය විදේශ අමාත්‍යවරයා වෙත කල් තියා දැනුම්දීමට අමෙරිකානු තානාපතිනිය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අප්‍රසාදය පළ කරමින් ඔහු මෙම ලිපිය යොමු කර ඇත.
 
තමාට එවැනි තහනමක් පනවා ඇත්තේ නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකර බවත්, කිසිදු චෝදනාවක් පිළිබඳව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් කර නොමැති බවත් ඔහු යැවූ එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *