කරාපිටිය රෝහලේ ළමා හෘද රෝගීන් අනතුරේ

  • By editor
  • August 18, 2023
  • 0
  • 196 Views

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද රෝගීන් කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

ඊට හේතුව හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීමෙන් අදාළ පරීක්ෂණ කරාපිටිය රෝහලෙන් කරගැනීමට නොහැකිවීමය.

මෙම පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති අතර මේ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ද කියැවේ.

මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙකු පවසා සිටියේ ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැරදා විදේශගතව ගිය බවත් අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *