කලුතර සිද්ධියේ සිසුවිය මීට කලින් දූෂණයට ලක්වෙලා

  • By editor
  • May 10, 2023
  • 0
  • 74 Views

කළුතර සිසුවියක හෝටලයක උඩුමහලින් බිම වැටී මියයාමේ සිද්ධියට අදාළව පරීක්ෂණ වලින් මේ වනවිට කරුණු කිහිපයක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් සහබන්දු (29) ඊයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුව දින 2 ක් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් නියමවිය.

ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශයට අනුව ඔවුන් අදාල හෝටලයට ගොස් මත්පැන් පානය කරමින් විනෝද වී තිබේ. පසුව අනෙක් සැකකරු සහ 19 හැවිරිදි සිසුවිය හෝටලයෙන් පිටත් වී තිබේ. අනතුරුව ප්‍රධාන සැකකරු සමග සිසුවිය හෝටලයේ තවදුරටත් රැදි සිටිමින් විනෝද වී ඇති බවත් ඔහු සදහන් කර තිබේ.

කෙසේ වෙතත් එහිදී දෙදෙනාගේ කැමැත්තෙන් කාමරයේ සිට ඇතත් ප්‍රධාන සැකකරු අතින් ඇය දූෂණය වී නැති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඒ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙන්ම ඇගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇති බවද පොලිසිය සදහන් කර තිබේ.

එහෙත් ඇය එදින දූෂණය වී නැතත් ඊට පෙර දූෂණය වී ඇති බව ද එම පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද පොලිසිය සදහන් කර ඇත.

ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඇය සමඟ සමීපව ඔහුට සිටීමට අවශ්‍යතාවත් තිබුණත් ඔහුට ඇති දුබලතාවයක් හේතුවෙන් ඊට ඔහුට හැකියාවක් නැති බවය. ඒ බව ඔහු ඇය සමඟ රැඳී සිටි කාමරයේ ස්ථානීය පරීක්ෂාවේදී ද හෙළි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *