කවුරුත් දන්න ජානු ට වුණ අකැරතැබ්බිය – පිළියන්දල පොලිසියෙන් විමර්ශනයක් 

  • By editor
  • January 9, 2024
  • 0
  • 306 Views

රංගන ශිල්පිනියකට අතවර කළබව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්වාධීන රූපවාහිනීයේ තිරගත වන ජානු කතාවෙහි රංගන ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රී විසින් පිලියන්දල පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදුකෙරේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් පදවාගෙන ගිය පෞද්ගලික කුලී ත්‍රිරෝද රථයේ අදාළ රංගන ශිල්පිනිය ගමන්කර ඇත.

එහිදී පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී සැකකරු ත්‍රිරෝද රථය නවතා මෙලෙස එම රංගන ශිල්පිනිය අතවරයට ලක්කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *