කවුරුත් නොදන්න කරුණක් විමල් වීරවංශ හෙළි කරයි

  • By editor
  • November 9, 2023
  • 0
  • 94 Views

කොළඹ ඛෙත්තාරාම  ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක්  වෙන්වූ වෙනම කලාපයක් ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම කලාපයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුටවත් පිවිසීමට හැකියාවක් නැති බව කී වීරවංශ මහතා මේ කාරණය බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතියක් එක් කර තිබෙනවා. එහි බිදවැටීමක් වන විට එය ජාතියට ම බලපානවා.සාකච්ඡා කරන්න මාතෘකා දස දහසක් තිබෙන රටක ඒ සියල්ලටම වඩා මේ මාතෘකාව  උඩට ඇවිල්ල තිබෙන්නේ ඒ නිසයි.බිලියන හයක ලාභයක් ලබා තිබෙන බව ක්‍රිකට් පාලක මණ්ඩලය කිව්වා. ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටෙව්වේ ලාභ ලැබීම සඳහා නොවෙයි.පාසල් මට්ටමේ සිට  ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ වගකීමයි.එහෙම නැතුව බිලියන හයක් ලාබයි හතක් ලාබයි කිව්වම ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යභාරය ඉටු කර ඇතැයි  කියැවෙන්නේ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *