කසිප්පු මුදලාලිගේ පාටියට ගිය පොලිස් සැරයන්ට ගුටි පූජාවක්

  • By editor
  • September 28, 2023
  • 0
  • 93 Views

කුරුණෑගල ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් නිරත වන්නේ යැයි කියන පුද්ගලයකු ගේ නිවසේ තිබූ සාදයකට සහභාගි වී නැවත යන අතර වාරයේ පිරිසකගෙන් පහර කෑ පොලිස් සැරයන්වරයකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ පුවතක් වාර්තා වේ.

අදාළ පොලිස් නිලධාරීයාගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු නිකවැරටිය පන්සියගම පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන අයෙක් බව ද වාර්තා වේ.

මොහු කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයාගේ නිවසේ පැවති සාදයකට සහභාගී වී නැවත නිවෙස් බලා යන අතර වාරයේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමග ආරවුලක් ඇතිකර ගෙන තිබේ.

පසුව එම පිරිස මෙම සැරයන්වරයා ට පහර දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *