කහෙලිය  ගෙදර ගියත් සෞඛ්‍ය ගැටළු විසදී නෑ  –  ප්‍රමුඛ ශල්‍ය උපකරණ 5800 න්  3800 ක් ම ශුන්‍ය මට්ටමේ

  • By editor
  • February 18, 2024
  • 0
  • 64 Views

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය  රඹුක්වැල්ල මහතා ධූරයෙන් ඉවත්කොට මාස පහකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධය සැපයුම් ජාලයේ සම්බන්ධ වන ප්‍රශ්න  මේ දක්වා නිරාකරණය වී නොමැති වීම කනගාටුවට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතිය පෙන්වා දෙයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සදහන් කරන්නේ ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන ප්‍රමුඛතා ලැයිස්තුවේ උපකරණ පන්දාස් අටසියෙන්, තුන්දාස් අටසීයකට ආසන්න ප්‍රමාණයක්ම මේ විට මේ වන විට ඇත්තේ ශූන්‍ය මට්ටමේ බවය.

හෘද ස්ටෙන්ට්, අක්ෂි කාච, අස්ථි ශල්‍යකර්ම සඳහා වන උපකරණ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර හා දැඩිසත්කාර ඒකකවල අපහසුතා පවතින රෝගීන්ට අවශ්‍ය ශ්වසන බට, මුත්‍රා බට ඇතුළු කුඩා පරිමාණයේ සිට මහා පරිමාණ ශල්‍යකර්ම දක්වා අවශ්‍ය වන බොහෝ ශල්‍ය උපකරණවල හිඟය වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතියට අනුව නිරීක්ෂණය වන බව ඒ මහතා පෙන්වා දෙයි

මේ තත්ත්වය මැද පසුගිය කාලයේදී ඇතැම් ඖෂධ සීමාව ඉක්මවා ඇස්තමේන්තු සකස් කොට අධික මිලකට ඇනවුම් කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට තොරතුරු වාර්තා වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය  රඹුක්වැල්ල මහතා ඉවත් වුවද ඔහුත් සමග එක්ව සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් තීන්දු තියෙන ලබාගත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ,අතිරේක ලේකම් සමන් රත්නායක, හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර වැනි චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සමග වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාද අමාත්‍යවරයාද තීන්දු තීරණ ගැනීම ප්‍රශ්න සහගත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සීමාව ඉක්මවා ඖෂධ ඇස්තමේන්තු සකස් කොට ඇනවුම් කිරීම නිසා මේ වන විට වෛද්‍ය සැපයීම ඒකකය මගින් ඖෂධ භාර ගැනීම නතර කොට ඇති අතර දේශීය සහ විදේශීය සැපයුම්කරුවන්ට පසුගිය සැපයුම් සඳහා රුපියල් බිලියන විස්සකට අධික ණය  ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අර්බුදකාරී තත්ත්වය වටහාගෙන හැකි ඉක්මනින් දූෂිත නිලධාරීන් ඉවත් කොට දැඩි  තීරණ නොගන්නේ නම් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට ද කැබිනට් මණ්ඩලය ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ  කිරීමත් ව්‍යවස්ථාපිතව රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට ඇති වගකීම් පැහැර හැරීමත් යටතේ ඔහුට විරුද්ධව වුවද  නීතිය ඉදිරියට යාමට අවස්ථාවක් පවතින බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *