ලෝක කුසලාන තරඟාවලිය ඉදිරියේ තබාගෙන LPL තරගාවලිය ක්‍රීඩා කළ නිසා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධයට ලක්වූ බවත් එම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින බවත් අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කරයි.
අනවශ්‍ය වෙලාවක ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වූ ක්‍රිකට් ආයතනය බවට ද ඔහු චෝදනා කළේය.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට තමන් අනුමැති නොදුන් බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
ඒ අනුව නීතිපතිවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කරනු ඇති බවද හෙතෙම තවදුරටත් මාධ්‍ය අමතමින් කියා සිටියේය.