ක්රිකට් ආයතනය අත්හිටුවා ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් පසුගිය දින කිහිපය තුළ පමණක් රුපියල් බිලියන ගණනක චෙක්පත් ලියා තබා ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ විදුලි පහන් කඩිමුඩියේ වෙනස් කිරීම සඳහා රුපියල් බිලියන එක හමාරක මුදලක් වැය කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරියේ දී ක්‍රිකට් ආයතනයේ වැදගත් ලිපි ලේඛන අස්ථානගත වීමේ අවදානමක් ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.