ක්‍රිකට් ආයතනයේ වගතුග හෙළිකළ හේෂාට වාරණයක්

  • By editor
  • August 24, 2023
  • 0
  • 234 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හට අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ සදහන් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට සහ ඔහු යටතේ ක්‍රියාකරන සියලුදෙනාට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ එම ආයතනය ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගවලට අනුව කොළඹ දිසා අධිකරනය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවය.

2022 වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව සිදුව ඇතැයි සඳහන් කරනු ලැබූ අක්‍රමිකතා සහ අවභාවිතයන් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් සිදුකළ විශේෂ විගණනයට අනුව විගණකාධිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පමණක් නිකුත් කර තිබු විශේෂ විගණන කෙටුම්පත මාධ්‍ය මගින් හෙළිදරව් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එරෙහිව සිදුකරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා අපහාසාත්මක ප්‍රකාශ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *