ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු ටී 20 සංචාරයට නිළියන් ඇතුළු පිරිසට කෝටි ගණනක් වියදම් කරලා – ප්‍රශ්න කිරීමේදී කෝප් කමිටුව උණුසුම් 

  • By editor
  • November 14, 2023
  • 0
  • 205 Views

අද පස්වරුවේ රැස් වූ කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ විවිධ කතා-බස් හේතුවෙන් උණුසුම් තත්වයකට පත් වූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට හේතුව වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරු ගණනාවක් එහි ප්‍රධානීන්ට දිගින් දිගටම චෝදනා කිරීම බව ද වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය දා දැඩි කතාබහට ලක් වූ ඕස්ට්‍රේලියානු ටී 20 සංචාරට ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසකට සහ නිළියන් කිහිප දෙනකු වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කර තිබේ.

එහිදී හෙළි වී ඇත්තේ එම සංචාර වෙනුවෙන් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් වැය කර ඇති බවය.

කෙසෙවෙතත් මෙවැනි ආකාරයට නාස්තිකාර ලෙස මුදල් වියදම් කිරීම නතර කරන්නැයි  කෝප් කමිටුව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *