ක්‍රිකට් තරුව ශලනිගෙන් උමාරාට – ජාතික ගීය වෙනස් කළාට නඩු

  • By editor
  • July 31, 2023
  • 0
  • 191 Views

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් එයට වෙනසක් එක් කිරීම සමාජ මාධ්‍ය මෙන්ම ජනතාවගේ ද දැඩි දෝෂාරෝපණයට ලක්වුණි.

කෙසෙවෙතත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සඳහන් කර තිබේ.

ජාතියේ අනන්‍යතාවය පෙන්වන ජාතික ගීය රැප් හෝ වෙනස් කර ගායනා කළ නොහැක්කක් බව අමාත්‍යවරයා පෙන්වා දේ.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඊට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජාතික ගීය ගායනා කිරීම සම්මත ක්‍රමයක් ඇති බවත් මෙම ප්‍රවණතා වන්ට ඉඩ දුනහොත් ඉදිරියේදී ජාතික ගීය නිරුවතින් ගායනා කළ ද තමන් පුදුම නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *