ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වර්තමාන මුහුණ දී තිබෙන අර්බුදය හා ඒ පසුපස සැඟවී ඇති කාරණා හෙළිදරවු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරයි.
ක්‍රිකට් ආයතනයේ කුමන්ත්‍රණ නොයෙකුත් අරමුණින් ක්‍රියාත්මක වූ ඒවා බවත් එම කුමන්ත්‍රණ පසුපස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය සඳහා වන බල පොරයන්ට සබැඳි පුද්ගලයන්ද, තරග පාවාදීමේ සූදුවේ නිරත තැරැව්කරුවන්ද, හුදු ආත්මාර්ථය මත පදනම්ව ජාතික කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගැනීමට වෙර දරණ පුද්ගලයින්ද සිටින බවත් ඔහු සිය ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති ඛේදවාචකය පිළිබඳ ක්‍රීඩක කුසලතා නිර්ණය කරන්නෙකුගේ කෝණයෙන් සොයාබැලීම’ යන මැයෙන් නිකුත් කර ඇති එම නිවේදනය පහත පරිදි වේ.




