ක්‍රිකට් මැච් බලන්න ගියේ මගේ මුදලින් – ශලනි කට අරී

  • By editor
  • July 30, 2023
  • 0
  • 300 Views

මේ දිනවල කාගේත් කතා බහට ලක්වන කෙනෙක් වන්නේ ශලනි තාරකා. ඒ ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් ජයන්ත ධර්මදාස ගේ අනුග්‍රහයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරගය නරඹන්න ගියා කියන එක.

කෙසෙවෙතත් මේ පිළිබඳ ඇය සදහන් කර ඇත්තේ එම තරගාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම පෞද්ගලික මුදලින් බවයි. එමෙන්ම තමන් කිසිවකුගේ ෂුගර් බේබි ලෙස නොවන බවත් ඇය සදහන් කර තිබුණේ ජාතික පුවත්පතකට අදහස් දක්වමින්.

එමෙන්ම ඇය මෙසේද ප්‍රකාශ කර තිබුණි.

‘ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි. මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ. ඒ ඡායාරූපයෙ මාත් එක්ක තවත් නළු නිළියො හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නෙ. ඒ නිසා හොඳටම පැහැදිලියි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *