ක්‍රිකට් ලොක්කෝ ඩොලර් ගණනින් සල්ලි පන්නන්න සූදානම් වෙයි

  • By editor
  • November 9, 2023
  • 0
  • 35 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලංකා බැංකු ගිනුමකින් ඩොලර් මිලියන දෙකක් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් උත්සාහ කරමින් සිටින බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා අද කියා සිටියේ මෙවැනි ක්‍රියා වහා නතර කිරීමට කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට ද මැදිහත් වෙන්නැයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අත්හිටුවන ලෙස සියලු බැංකුවලට උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලෙසයි

-lankacnews-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *