ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීම සදහා පත් කළ කමිටුවට ලබන 10 වනදා තෙක් පියවර නොගන්නා ලෙසට දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ කමිටුව සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊට එරෙහිව ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මගින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.
එහි සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සළකා බැලුණි.