ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් තිබේද යන්න පිලිබද කරුණු දැක්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග සාකච්චාවකට තම නිලධාරීන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් තිබේද යන්න පිලිබද සොයබැලීමට ICC ය මගින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවට මාධ්‍ය වල පල වූ පුවත් පාදක කරගනිමින් එහි සභාපති ගේග් බාක්ලි වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව සියලුම ජාතික ක්‍රීඩා සංගම් හා සම්මේලන ද ස්වාධීන වෙමින් එහි කටයුතු නිසි ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යා යුතු බව ද තමන් පිලිගන්නා බව වැඩිදුරටත් සදහන් කර තිබේ.
එමෙන්ම මෙරට මෙන්ම ජාත්‍යන්තර නීති හා නියාමනයන්ට අනුකූලව ද කටයුතු කරමින් ක්‍රීඩාවේ ඉහලම ප්‍රමිතීන් පවත්වාගෙන යාමට තමන් කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදාල නිලධාරීන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.