ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී කාජල් රංගනයෙන් දායකවන නවතම රූපවාහිනී කතාමාලවක් ප්‍රවර්ධනය කිරීම සදහා පැවැත්වූ රූපවාහිනී වැඩසටහනකදි ඇය විසින් දේශපාලන නායකයින්ට හරිහමන් අධ්‍යාපනික පසුබිමක් නොමැති බවට සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක අයුරින් කතාබහට ලක්වී ඇත.
මේ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් කාජල්ව විවේචනය කිරීමට පටන්ගෙන තිබෙන අතර විවිධ සමාජ ක්‍රියාකාරිකයින් ඇය වෙනුවෙන් පෙනී සිටී. “ඔබට අධ්‍යාපන පසුබිමක් නැති දේශපාලන නායකයන් ඉන්නවා. ඔබව වගේම මාවත් පාලනය කරලා තියෙන්නේ නූගත් නායකයින්.මම එළියට ගිහින් ඒක කියන්නයි යන්නේ” යැයි ඇය සදහන් කර තිබේ.
කෙසෙවෙතත් කාජල් ටිවිටර් පණිවිඩයක් යොමු කරමින් “මම අධ්‍යාපනය සහ එහි වැදගත්කම ගැන කරුණු ඉදිරිපත් කළා පමණයි. මගේ අභිප්‍රාය වූයේ කිසිදු දේශපාලන නායකයෙකු පහත් කිරීම නොවේ. රට යහමගට ගෙන යන විශිෂ්ට නායකයන් කිහිප දෙනෙක් අපට සිටිනවා” ලෙසට සදහන් කර ඇත.