කාන්තා මරණයක් නිසා නුවරඑළියට තහනම් වුන දේ

  • By editor
  • August 5, 2023
  • 0
  • 219 Views

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජීවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුළුවීම හෝ එම කඳු තරණය කිරීම සහ කඳවුරු බැදීම අද (04) දින සිට සපුරා තහනම් කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මේ බව දැනුම් දෙන ලදී.

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටි හඳුනා නොගත් කාන්තා මළසිරුරක් හමුවීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.

වනජීවි දෙපාර්තුමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සහ පොලීසියේ නිලධාරින් සමග අද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *