කැලණි විශ්වවිද්‍යාලය කැලඹෙයි – ආරක්ෂක නිලධාරියා ගේට්ටුවේ ගැට ගසයි 

  • By editor
  • December 4, 2023
  • 0
  • 95 Views

කැලණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට සිසුන් විසින් පහර දීම හේතුවෙන් අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

එම ආරක්‍ෂක නිලධාරියා විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ගේට්ටුවෙ ගැටගසා තිබූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

එම සිදුවීමට අදාළව විනයානුකූල පියවර ගෙන අනධ්‍යන කාර්ය මණ්ඩලය හා ශිෂ්‍යයින් අතර නැවත සාමකාමී තත්ත්වයක් ඇති කිරීමට මෙම පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ අද පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමෙන අතර හෙට උදෑසන අටට පෙර සියලුම සිසුන් සිය නේවාසිකාගාර වලින් ඉවත් විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *