කැලණි සරසවි සිසුන්ගේ විරෝධය නොතකා ජනපති නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කරයි

  • By editor
  • January 31, 2024
  • 0
  • 58 Views

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබේ.

අනතුරුව නව ගොඩනැගිලි පරිශ්‍රය අද (31) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කර ඇත.

ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වු අතර පෙරේදා රාත්‍රීයේ ඔවුන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණි.

කෙසේවෙතත් අනතුරුව සිසුන් එම ස්ථානයෙන් විසිර ගියද ඔවුන් ඊයේ සවස් වන තුරුම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීමට ඉඩ ලබානොදී විරෝධතාවක නිරතව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *