කිචියක් කළ හදියක් – එක අයෙකු මියයයි

  • By editor
  • February 7, 2024
  • 0
  • 127 Views

රැඳවියන් දෙදෙනෙකු අතර කිචි කැවීමේ සිද්ධියක් දුරදිග යෑමෙන් එක් රැඳවියෙකු අනෙක් රැඳවියාව උස්සා පොළොවේ ගැසීමෙන් ඝාතනයක් සිදු වී ඇත.

මෙම සිද්ධිය ඇතිවී තිබුණේ ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ වන අතර සිදුවීමට මුහුණදුන් රැදවියන් දෙදෙනා මිතුරන් බව ද වාර්තා වේ.

එම අවස්ථාවේදී පහරකෑ රැඳවියාගේ හිස සිමෙන්තියක වැදී අධික රුධිර වහනයක් සමග සිහිසුන්වී ඇත.

ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත්‍රිකුණාමලය කින්නියා මහරුප් නගර් පදිංචි මොහොම්මදු උභයතුල්ලා නමැති රැඳවියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *