කිරි ගව සොරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බවට ගොවි සංවිධානවල නියෝජිතයින් සිදුකරන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අමාත්‍යවරයා අදාළ ඉල්ලීම සිදුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති පැමිණිලි පරිදි දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් සොරකම් කරන බවත් එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවටත් ගොවි නියෝජිතයින් අමාත්‍යාංශය වෙත පැමිණිලි කර තිබේ.