කිරි ලීටර් දස දහසක් සමග බවුසරය ප්‍රපාතයකට පෙරලෙයි

  • By editor
  • October 7, 2023
  • 0
  • 113 Views

වටවල ලොනැක් වතුයායේ සිට මිරිගම දක්වා කිරි ලිටර් දස දහසක් ප්‍රවාහනය කල බවුසර් රථයක් ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ලොනැක් වත්ත ප්‍රදේශයේ ප්‍රපාතයට පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇත.

මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සහ මිදුම් තත්ත්වයත් සමග බවුසර් රථය ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

එම අවස්ථාවේ ලොනැක් වත්තේ පිහිටි සත්ව ගොවිපොලේ සිට දියර කිරි ලිටර් දස දහසක් රැගෙන එම බවුසරය ගමන් කර තිබේ.

බවුසර් රථය අනතුරට පත් වන අවස්තාවේ රියදුරා පමණක් එහි ගමන් කර ඇති බවත්, අනතුරෙන් රියදුරා කිසිදු තුවාලයක් සිදු වි නොමැති බවද පොලිසිය පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *