කිසිදු දේශපාලන පක්ෂකට එක්වුණේ නෑ – විපක්ෂයේ වගකීම් කිහිපයක් භාරගත්තා පමණයි – වෛද්‍ය චමල් සංජීව 

  • By editor
  • January 7, 2024
  • 0
  • 83 Views

තමන් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකත්වයක් ලබා නැති අතර තවදුරටත් තමන් වෘත්තිය හා සිවිල් සංවිධාන ව්‍යාපාරයක නිල සාමාජිකයෙක් බව වෛද්‍ය හා සිවිල්ල අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

එහෙත් විපක්ෂ දේශපාලන සන්ධානයන්හි සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රතිපත්ති වගකීම් හා  රට තුළ නීතිය සහ යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවෙන් වන ප්‍රතිපත්ති වගකීම් කීපයක් තමන් විසින් භාරගෙන ඇති බවත් එමගින් පාර්ලිමේන්තුව තුළ COPA/COPE තේරීම් කාරක සභාවන්හි විපක්ෂයද නියෝජනය කරමින් මේ රටේ ජනතාව වෙනුවෙන් හඬක් නැගීමට නිල අවස්ථාවක් ලබා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ” ජනතාවගේ ජීවන තත්ත්වය වෙනුවෙන් දැනට එළියේ සිට සටන් කරනවාට වඩා සාධනීය හඬක් නැගීමට ලද අවස්ථාවක් ලැබිලා තිබෙනවා. වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස රටේ ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයේ සමග එක්වෙමින් වඩා වෙනස්කම් කිරීම මේ මොහොතේ ඵලදායි වන්නේ තනි තනිව සටන් කිරීමේ සීමාව අතිශය ජීවිත තර්ජන සහිත භයානක තැනකට එළඹෙන නිසා.

දැනට අධිකරණය හමුවේ විභාග වන immunoglobulin වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ දූෂණ සම්බන්ධ නීතිමය කටයුතු රැසක තීරණාත්මක හා උච්චතම අවස්ථා කිහිපයක් උදාවීමෙන් පවතී. එහිදී චෝදනා එල්ල වන දේශපාලකයන්ද ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද  ඔවුන්ට සම්බන්ධ වන ඖෂධ මාෆියාවද දැඩි ලෙස කලබලයට පත්ව ඇති අතර දැනටමත් කෙහෙළිය රඹුක්කැල්ල අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් විසින් ගෙන යන ඇතැම් කටයුතු නිරාවරණය වී ඇත. එවන් තත්ත්වයක් යටතේ දේශපාලන රැකවරණවලින් තොර අප මරා දැමීම ඔවුන්ට ඉතා පහසුය. එලියේ සිටින මිනිසුන්ට චෝදනා කිරීම පහසු වන නමුත් අප අභ්‍යන්තරය ගෙනයන මේ අතිශයින්ම තීරණාත්මක සටන  දැලි පිහියෙන් කිරි කනවාටත් වඩා අතිශයින්ම භයානකය. අපගේ පෞද්ගලික ජීවිතය මේ වන විට සහමුලින්ම සීමා වී ඇත.

එවන් තත්ත්වයක් යටතේ වෘත්තීය හා සිවිල් ක්‍රියාකාරියකු ලෙස තනි තනිව සටන් කිරීමේ බරපතළ ජීවිත අවධානම දිනපතා වැඩිවෙමින් පවතී. මෙවන් තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රැකවරණය ඉතා අත්‍යවශ්‍ය වන අතර එසේ නොවන්නේ නම් මේ සියලු සටන් එක් පුද්ගලයකුගේ ජීවිත හානියකින් නිමා කිරීමට දූෂිත දේශපාලකයන්ට පහසුවෙන් අවස්ථාව ලැබෙනු ඇත. තමන්ගේ දූෂිත ජාලය ආරක්ෂා කර ගැනීමට කොන්දේසි විරහිතව තනි තනිව සටන් කරන පුද්ගලයන් විනාශ කිරීමට ඔවුන් නොපැකිලෙන බව මේ සමාජය හොඳින්ම දනී.

එවන් තත්ත්වයක් තුළ මේ බරපතල තත්ත්වය නොදැන හුදු මතුපිටින් දැක හා සමාජ මාධ්‍යවල හුවමාරු වන විවිධ කරුණු මත අවලාද හෝ චෝදනා නැගීමෙන් පලක් නැත. හෙට දින මහමග ඝාතනය කළහොත් අපගේ බිරිඳගේ සහ දරුවන්ගේ කඳුළු මතින් එම මිනිසුන්ම තමන්ගේ දේශපාලන වේදිකා සරසනු ඇත.

එවන් තත්ත්වයක් වළක්වාලමින් වෘත්තීය හා සිවිල් ව්‍යාපාරයක් ලෙස අප පෙනී සිටි මතවාදය වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටින අතර එම  මතවාදය කුමන හේතුවක් මතවත් දේශපාලන වේදිකාව අලෙවි වන්නේ නැති බව සහතික කළ කිව හැක.

අප තනි තනිව කළ සටන්වල හරය ඉදිරියටම එසේම වෘත්ති හා සිවිල්ලියාපාර ලෙස පවත්වාගෙන යන අතර ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබින් වංචාව ඉක්මවා ගිය අතිශයම සංවේදී වූද බැරෑරුම් වූද කරුණු රැසක් ඉදිරිස ඇතිවලදී එළිවීමට නියම නියමිතය. එවන් තත්ත්වයක් යටතේ කුමන හෝ මොහොතක අපට සිදුවන අනතුරකින් සියලු දූෂිත දේශපාලකයන් නැවත මේ රාජ්‍ය විනාශ කිරීම සඳහා නීතියෙන් ගැලවී යනු ඇත.

කුමන පක්ෂයක වුවද මේ රට විනාශ කළ විනය විමර්ශනය සහ විගණනය විනාශ කළ සියලු දේශපාලකයන්ට එරෙහිව ගෙනගිය සටන කිසිදු වෙනසක් නොවන අතර මධ්‍යස්ථ මතධාරී සියලු මිනිසුන් පොදු වේදිකාවක සිට එක්තු විය යුත්තේ එහෙයිනි. දේශපාලන පක්ෂයක ලේබලයක් හරහා පුද්ගල හෘද සාක්ෂියක් ඉරා දැමිය නොහැක. මා අත දරන ධජයේ පැහැය කුමක් වුවද එය මේ රටේ මිනිසුන්ගේ හෘද සාක්ෂියේ පැහැය දරන බව මට ඔප්පු කළ හැක්කේ ක්‍රියාවෙන් පමණ.

එබැවින් මේ සෞඛ්‍ය පද්ධතියේ දූෂණ හෙළිවන අතිශයින්ම තීරණාත්මක මොහොතේදී අපගෙ අතිශයින්ම පටු අරමුණුවලින් එකිනෙකාට චෝදනා කළහොත් නැවත වරක් දූෂිත දේශපාලකයින්ට ගැලවීමට අවස්ථාවක් ලැබෙන අතර මේ මොහොත දක්වා අපව විශ්වාස කළ නීතිය  සෙලවීමකට ලක් වනු ඇත. කුමන කඳවුරක වුවද පොදු මිනිස් ධර්මතාවෙන් මින් සටන් කරන මිනිසුන් ස්වභාවධර්මය ආරක්ෂා කරනු ඇත.

දැනටමත් මාලිගාකන්ද අධිකරණය ස්වභාවධර්මය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් ආරක්ෂා කරන බවත් එයට විරුද්ධව යන මිනිසුන්ට දඬුවම් පමුණුවන බවත් ඕනවට වඩා ඔප්පු කොට ඇත.

පෙනී සිටි මතය වෙනුවෙන් ඊයේට වඩා ශක්තිමත්ද ඩාත් තීව්‍ර ලෙසද හඬක් නැගිය හැකි මොහොතක් එළඹෙන්නේ නම් ඒ මොහොත පැහැර හැරීම වෙනුවට එය වඩා යහපත් රටක් වෙනුවෙන් පරිවර්තනය කිරීම මා සතු වගකීමකි.

සීමාව ඉක්මවා පැහැදිලි කිරීම් වලින් පලක් නැති වන අතර මක්නිසාදයත් මිනිසුන් තේරුම් ගන්නේ තමන්ට අවශ්‍ය කොටස පමණි.

ඉර උදා වීමට පෙර සමහර අඳුරාත්‍රීන් පසු කිරීමට අපට සිදුවේ.

අප මරා දැමීමට පෙර අප පෙනී සිටි මතය ජයග්‍රහණයට ආසන්න වෙමින් පවතින මොහොතේ මේ සත්‍යය තේරුම් ගත යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *