කුකුල් මස් ගණන් බහී – කිලෝව 850 – 900ත් අතර

  • By editor
  • September 22, 2023
  • 0
  • 159 Views

කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයන් ගේ සංගමය වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමඟ පැවැති සාකච්ඡාවේ දී එකඟතාව පළ කර තිබේ.

එසේම වසර අවසන් වනවිට කුකුල් මස් කිලෝව 850ක් 900ක් වැනි මුදලකට පාරිබෝගිකයින්ට ලබාදීමට බලාපොරොත්තු වන බව ද එහිදී යෝජනා වී ඇත.

මේ අතර, කුකුළු ගොවිපොළ හිමියන් සහ සත්ත්ව නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ, කුකුළු මස් ආනයනයෙන් වැළකී නිෂ්පාදන පිරිවැය අවම කරගැනීම සඳහා පහසුකම් සලසන ලෙසයි.

එසේම ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ, කුකුළු මස් මිල අඩු වීමට සාපේක්ෂ ව කුකුළු මස් ඇතුළත් ආහාර මිල ද අඩු විය යුතු බවයි.

කුකුළු මස් මිල පිළිබඳ අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

”සුපර් මාර්කට්වල සාමාන්‍ය කුකුළු මස්වලට අමතර ව කෑලි වශයෙන් වෙනස් වෙනස් විදියට ඒ අය විශාල වශයෙන් අලෙවි කරනවා. ඒවාවල විශාල ලාභ තීරුවක් තියෙනවා. මම ඊයේ හවස ලේකම්තුමාට උපදෙස් දුන්නා සියලුම සුපිරි වෙළෙඳසල් ජාලා ගෙන්නලා වහාම මිල අඩු කරන්න කියලා උපදෙස් දුන්නා. ඒකට ප්‍රතිචාර නැත්තං මම ඒ වැඩ කොටස අතට ගන්නවා. නොවැම්බර් දෙසැම්බර් වෙද්දි තව රුපියල් 100ක් 150ක් විතර අඩු කරගන්න පුළුවන් නම්, මම හිතන්නෙ රුපියල් 850කට 900කට වගේ කුකුළු මස් කිලෝ එකක් ලබා ගන්න පුළුවන්. අනිවාර්‍යයෙන් එහෙම කෙරුවෙ නැත්තං කුකුළු මස් ආනයනය කරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *