කුඩුකාරයන්ට උදව් කරන නීතීඥවරුන් දේශබන්දුට එරෙහිව බොරු නඩු පටලවන්න යයි – ටිරාන් අලස්ගෙන් හෙළිදරව්වක්

  • By editor
  • December 18, 2023
  • 0
  • 108 Views

කවුරු කුමන ආකාරයෙන් කතා කීවත්,කුමන ආකාරයේ බලපෑම් එල්ලවූවත් තමා සහ පොලිස්පතිවරයා කුඩු හා පාතාලය මර්ධනය කරන බව ටිරාන් අලස් මහතා සදහන් කළේය.

ඒ අනුව ඊයේ සිට දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කෙරිණි.වැඩි දුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස්මහතා  පවසා සිටියේ දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පති කිරීමට විරුද්ධ වූ නීතිඥවරුන් මත්ද‍්‍රව්‍ය ජාලයේ ප්‍රබලයන් සම්බන්ධයෙන් අධිකරණයේ පනවා ඇති නඩුවලට පෙනී සිටින බවයි. ඒ සඳහා බිලියන ගණනක මුදල් ද ඔවුන් උපයා ගන්නා බවත් පැවසීය. 

යුක්තිය විශේෂ මෙහෙයුම නිසා මෙසේ ආදායම් අහිමිවන නීතීඥවරුන් පිරිසක් මෙම යුක්තිය විශේෂ මෙහෙයුම් නතර කිරීම සදහා දේශබන්ධු තෙන්නකෝන්ට විරුද්ධව     අභූත චෝදනා කරමින් නඩු පැවරීමට යන බව ආරංචිමාර්ග සදහන් කරයි. 

කුඩු සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර පැය විසිහතරක් ඇතුලත පුද්ගලයින් 2121ක් පොලිසිය හා විශේෂ කාර්‍ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *