කුමාර ධර්මසේන සහ බිරිඳ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

  • By editor
  • October 13, 2023
  • 0
  • 141 Views

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික නිවසකට ඇතුළු වී ගිනි අවි ඇතැතිව එහි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිදුවීමකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු කුමාර ධර්මසේන ඔහුගේ බිරිඳ ඇතුළු අධ්‍යක්ෂවරුන් 12 දෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් විය.

ඒ අනුව මෙම සිදුවීම ට අදාළව සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නාරාහේන්පිට පොලිසියට නියෝග කර ඇත.

පින්තැන්න ප්ලාන්ටේෂන් සමාගමේ සභාපති ලෙස කුමාර ධර්මසේන මහතා කටයුතු කරන අතර පුද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්ෂක වරයෙකු අධිකරණය හමුවේ ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *