කුරුන්දි විහාරයට අයත් ඉඩම් පවරා දෙන්නේ නෑ, මාධ්‍ය කරුණු පටලවාගෙන – ජනපති ලේකම්

  • By editor
  • June 15, 2023
  • 0
  • 83 Views

ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් වන කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සදහන් කර තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි විසින් කුරුන්දි විහාරය අවට ඉඩම් බෙදාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වෙත යොමුකළ ලිපියට පිළිතුරු සපයමින් ලේකම්වරයා මේ බව සදහන් කර ඇත.

එමෙන්ම උතුරු නැගෙනහිර පවතින ඉඩම් ගැටළුවලට විසදුමක් වශයෙන් යෝජනා කර ඇත්තේ 1985 වර්ෂයේ වනාන්තර හා වනජීවි කලාප වශයෙන් පැවති ඉඩම් ඒ ආකාරයෙන්ම ආර්ක්ෂා කිරීම බවත් ජනපති ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

තවද ඉකුත් 08 වනදා පැවති රැස්වීමේ දී කුරුන්දි විහාරය මෙන්ම තිරියාය ප්‍රදේශයේ නටබුන් පිළිබදව ද සාකච්ඡා කළ බවත් මාධ්‍ය මගින් කරුණු පටලවාගෙන විකාශය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *