මුලතිව් දිස්ත්‍රීක්කයේ පිහිටි ඓතිහාසික කුරුන්දි විහාරයේ දේශපාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට ගත් උත්සහයක් හේතුවෙන් දැඩි ආරවුලක් ඇති වී තිබේ.
කුරුන්දි විහාරය තුළ යම්කිසි පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවැත්වීමට කටයුතු කරන බවට විහාරාධිපති ගරු ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
පසුව පොලිසිය විසින් පොංගල් උත්සවය නැවත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටි අතර මුලතිව් අධිකරණයෙන් අදාල අධිකරණ තහනම් නියෝගය ප්‍රතික්ෂේප කෙරිණි.
අනතුරුව අද උදෑසන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ඇතුලු ප්‍රදේශවාසී ආධාරකරුවන් පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට පැමිණීමත් සමග කුරුන්දි විහාරයේ රැස්ව සිටි භීක්ෂූන් වහන්සේලාගේ ආගමික කටයුතුවලට බාධා එල්ල විය.
එහිදී එම ස්ථානයට පුරාවිද්‍යා නිලධාරීන් සහ මුලතිව් පොලීසිය පැමිණ එම භූමියේ ගිනි දැල්වීම ඇතුලු නීතිවිරෝධී බව පෙන්වා දී ඇත.
එහිදී උණුසුම් තත්වයක් හටගත් අතර පොලිස් නිලධාරීන් විසින් සාමයට බාධාවක් කොට පුරාවිද්‍යා භූමියේ නීතිය කඩකරන අදාල පිරිස් අත්අඩංගුවට ගන්නා බවත් වහාම නීතිවිරෝධී කටයුතු නවතන ලෙසට පවසා සිටියහ