කුරුන්දි විහාරය අවට ඉඩම් බෙදන්න එපා – එල්ලාවල මේධානන්ද හිමිගෙන් ජනපතිට ලිපියක්

  • By editor
  • June 13, 2023
  • 0
  • 84 Views

කුරුන්දි විහාරය අවට බොහෝ ස්ථානවල විවිධ බෞද්ධ ආරාමයන්හි නටබුන් තිබෙන බවත් එම ඉඩම් පිළිබද නිසි අධ්‍යයනයක් නොකොට ජනතාවට ලබා නොදෙන ලෙසත් පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මේධානන්ද හිමි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උන්වහන්සේ මෙම ඉල්ලීම කර තිබූහ.

එමෙන්ම එම ඉඩම් ලබාදීම මගින් සිදුවන්නේ ජාතිවාදීන්ට ජනපද අත්කර දීම බවත් එම ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවත් එම ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර තිබේ.

එබැවින් මෙම ඉඩම් ලබාදීමේ ක්‍රියාවලිය නවතා දමන ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් ඉල්ලා තිබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *