කුවේට් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පිටුවහල් කෙරේ

  • By editor
  • July 28, 2023
  • 0
  • 45 Views

නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද පිරිස අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

ඉන් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයින් ය.

මෙම පිරිස ගෘහ සේවය සඳහා ගිවිසුම්ගත නිවෙස්වලින් පළා ගොස්, තාවකාලික නේවාසිකාගාරවල රැඳීසිටිමින් වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස විවිධ රැකියා සිදුකර ඇති බව කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *