කෘෂිකර්ම අංශයේ අත්දැකීම් බහුල නිලධාරීන්ගේ පවතින පුරප්පාඩු හේතුවෙන් එම අංශයේ සියලු නිලධාරීන්ගේ දීර්ඝකාලින විදෙස්ගත වීම්වලට අනුමැතිය ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලූ සියලූම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන නිලධාරීන් මෙම තීරණයට යටත්වන බවත් හෙතෙම සදහන් කරයි.
කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක පුරප්පාඩු පවතින තත්ත්වයක් තුළ අත්දැකීම් බහුල නිලධාරීන් දීර්ඝකාලීනව විදේශ ගතවුවහොත් එය රටේ කෘෂිකාර්මික අංශය කඩාවැටීමට හේතුවක් වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.