කෙහෙලියට කඩේ යන සභාපතිගේ තෝම්බුව පරීක්ෂා කිරීමට සැරැසේ.

  • By editor
  • January 19, 2024
  • 0
  • 117 Views

කෙහෙලිය රඔුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධුරයේ කටයුතු කළ සමයේ මෙන්ම පරිසර ඇමැති ලෙසද පත් වු පසුව ඔහුගේ වැඩ සාධාරණියකරණය කරමින් නිවේදන නිකුත් කරන සංජය පෙරේරාගේ අධ්‍යපන සුදුසුකම් පරීක්ෂා කිරීමට පර්ලිමෙන්තු මන්ත්‍රීන් පිරිසක් සැරැසෙන බව වාර්තා වේ.

කෙහෙලිය සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේ සංජය පෙරේරා ඇමැති උපදේශක වු අතර මේ වනවිට ඔහු භු විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති තනතුර දරමින් සිටි. තමා ආචාර්ය උපාධිධාරියකු බව ඔහු පවසා ඇතත්, උසස් නිලතල වලට පත් වන අයගේ සුදුසුකම් පරීක්ෂා කිරිමට ඇති පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාව හරහා ඔහුගේ සුදුසුකම් පරික්ෂා කිරිමට මන්ත්‍රීන් සැරසෙන බව සතියට වාර්තා වේ.

මතභේදයට තුඩු දුන් ඖෂධ ජාවාරම ගැන කෙහෙලිය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ සංජය පෙරේරා වන අතර. හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීම ගැන අධිකරණයේ දැඩි අවදානවට ලක්විය. එබැවින් ඇමැතිවරයාගේ නිතිඥයාට නඩුවට පෙනී සිටිම මහේස්ත්‍රාත්වරිය විසින් වලක්වනු ලැබීය. එසේ තිබියදී රාජ්‍ය නිලධාරියකු ලෙස සංජය පෙරේරා ඇමැති සාධාරණියකරණය කරමින් සමාජ මාධ්‍යට නිකුත් කරන නිවේදන සැක සහිත බවත් මේ ගැන ඇමැතිවරයාට ගෙන එන විශ්වාසභංග යෝජනාවේදී හෙලිකරන බව මන්ත්‍රීවරයකු කීය.

මේ අතර හම්බන්තොට වරායේ කලුගල් ඉවත්කිරීමේ ටෙන්ඩරය පිලිබඳ මාධ්‍ය හෙළිකළ තොරතුරු වලටද ඇමැති ආරක්ෂා කරමින් සංජය පෙරේරා නිතුක් කළ නිවේදනය ගැනද මන්ත්‍රීවරු විමතිය පලකර තිබේ.

ලැදියාවන් සමග ගැටීමක් තිබියදි සභාපතිවරයකු ලෙස කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ කටයුතු සාධාරණියකරණය කිරිමට සංජය පෙරේරා ට සදාචාරාත්මක අයිතියක් නැති බව මන්ත්‍රීන් පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *