කෙහෙළියගේ පුටුව බේරෙයි

  • By editor
  • September 8, 2023
  • 0
  • 153 Views

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 40 කින් පරාජයට පත්විය.

එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි.

දින තුනක විවාදයකින් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

කෙසෙවෙතත් මන්ත්‍රීවරුන් 38 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ සිටියේ නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *