කෙහෙළියගේ රට ගමන් තහනම් කරන්න මගෙන් රටට සංවිධානය මගින් චෝදනාපත්‍රයක් ආගමන විගමන පාලකට බාර දෙයි,

  • By editor
  • December 22, 2023
  • 0
  • 78 Views

ආන්දෝලනයකට තුඩු දී ඇති human immunogoblin සහ රිටොක්සිමැබ් ඖෂධ වංචාව සම්බන්ධයෙන්  චෝදනා පත්‍රයක් අද දින මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් ආගමන විගමන පාලක වෙත භාර දෙනු ලැබීය.

එහිදී සංජය මහවත්ත මහතා විසින් වැඩිදුරටත් සදහන් කළේ

” මේ ඖෂධ වංචාවේ මහමොලකරුවන් තවමත් සිටින්නේ නිදැල්ලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ට තවම චෝදනාපත්‍රයක්වත් ගොනුකර නෑ කෙහෙළිය රඹුක්වැල්ල අද ඉන්දියාවේ සිට ලංකාවට ආවා , මහා පරිමාණ වංචා දූෂණ කර ඔවුන් රිසිසේ  ඔහු ඉන්දියාවට ගිය ගමන ගැන ද සැකයක් ඇතිවෙනවා, මොකද මේ බෙහෙත ව්‍යාජ ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බව හඟවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද්දක්, වහාම කෙහෙලිය රඹුක්වැල්ලගේ විදේශ ගමන් තහනම් කළ යුතුයි, ඒ සඳහා චෝදනාපත්‍රය අද දවසේදී අපි ආගමන විගමන පාලකට භාර දුන්නා, මේ අධිකරණය හරහා රහස් පොලිසියෙන් කළ යුතු දෙයක්, එසේ වුවද අධිකරණ නියෝග තිබියදී පවා රහස් පොලිසිය පොලිස් ආඥා පනතේ 56 වන වගන්තිය කඩ කරමින් මෙම චෝදනා පත්‍ර ලබාදීම සිදුකරන්නේ නෑ, මේ සම්බන්ධයෙන් නිසි බලධාරීන් ක්‍රියාත්මක විය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *