කෙහෙළියගේ රාත්‍රී සාදයට යන්න එපා – එහි වියදම දරන්නේ බාල ඖෂධ සංගම් – පුබුදු ජාගොඩ හෙළිකරයි

  • By editor
  • August 4, 2023
  • 0
  • 122 Views

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අද රාත්‍රීයේ සූදානම් කර තිබෙන සාදය සදහා සහභාගී නොවන ලෙසට පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ විසින් ඉල්ලීමක් කර තිබේ.

වෛද්‍ය සේවය සහ ඖෂධ ප්‍රමිතිය පහල වට්ටන්නට පිඹුරුපත් සකස් කරමින් අද සවස ග්‍රෑන්ඩ් ඔරියන්ටන් හෝටලයේ කාශ්‍යප ශාලාවේ සමන් රත්නප්‍රියගේ ආරාධනයෙන් සියලුම මාධ්‍ය අංශ ප්‍රධානීන්, මාධ්‍යවේදීන් සහ සියලුම සෞඛ්‍ය අංශ නිලධාරීන් 150 – 200ක් කැදවමින් මෙම රාත්‍රී සාදය පවත්වන බවත් හෙතෙම හෙළිකළේය.

එමෙන්ම ඒ සදහා වියදම දරන්නේ පසුගිය දිනවල කතාබහට ලක් වූ බාල ඖෂධ ගෙන්වූ සමාගම් බවත් සමන් රත්නප්‍රියට සහ කෙහෙළිය රඹුක්වැල්ලට මෙම මුදල් ලැබෙන ආකාරය ගැන විමර්ශනයක් ආරම්භ කළයුතු බවත් ඔහු සදහන් කළේය.

එමෙන්ම මෙවැනි මිනීමරු මුදල් වලින් ආහාර පාන ලබා ගන්නට එහි නොයන ලෙසත් ඊට ආරාධනා ලැබූ පුද්ගලයන්ගෙන් තමන් ඉල්ලා සිටින බව සදහන් කළ පුබුදු ජාගොඩ සදහන් කළේ මෙම සාදය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ සියලුම අපරාධ වසන් කරන්නට කටයුතු කිරීම බවත් හෙළි කළේය.

ඔහු මෙම අදහස් පළකරනු ලැබුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *