සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය අවධානය යොමු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙරට සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ද පැමිණිල්ලක් සිදු කිරිමට කටයුතු කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.
එමෙන්ම පසුගිය දා ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, “අතයට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම්” මගින් බාල ඖෂධ ගෙන්වා අසරණ රෝගීන් මියයාමේ සිද්ධීන්ට අදාලව සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.