කෙහෙළිය ඉල්ලන රජසැප මෙන්න

  • By editor
  • February 5, 2024
  • 0
  • 108 Views

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සිංගප්පූරුවෙන් ගෙන්වන ඖෂධ පමණක් ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලෙන මහතා සදහන් කරයි.

එසේම තමන්ට ප්‍රතිකාර ලැබීමට පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමට අවසර ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිට ඇතැයි ද බෙල්ලෙන මහතා වැඩිදුරටත් සදහන් කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට හිටපු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පසුව රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *