හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදේශක ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සමාගමකට ලබාදුන් ඖෂධ ඇණවුම් පත්‍රිකාවක් සහ ඊට අදාළ විස්තර වට්ස්ඇප් සමූහයකට එක්කර තිබුණේ ය.
ඔහු සදහන් කරන ආකාරයට රුපියල් 170 ක ට මිලදී ගත හැකි සල්බුටමෝල් 5ml 5mg එන්නත් කුප්පියක් වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදී ගෙන ඇත්තේ රුපියල් 24000ක ට බව එහි දැක්වේ.
මීට අදාළ ටෙන්ඩර් සිදුකර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ දී වන අතර එම කාලය තුළ සංජය පෙරේරා මහතා උපදේශකයකු ලෙස කටයුතු කර තිබුණි.
කෙසෙවෙතත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාලයේ සිදුව ඇති මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ ඔහුගේ හිටපු උපදේශකවරයා වීම ද විශේෂත්වයකි.
නමුත් වෛද්‍ය සැපයුම් අංශය සදහන් කරන්නේ මෙම ඖෂධ තොගය මෙතෙක් වෛද්‍ය සැපයුම් අංශයට මිලදී නොගෙන ඇති බවත් කිසිදු මුදලක් ඒ සදහා වැය කර නොමැති බවත් ය.
කෙහෙළිය එන්නත් ගත්ත ක්‍රමය උපදේශක හෙළි කරයි
-
By editor
- October 26, 2023
- 0
- 136 Views
You Might Also Like
-
December 5, 2023
හරීන් ප්‍රනාන්දුගේ නව පත්වීම් මෙන්න
-
December 5, 2023
කැළණි විශ්විද්‍යාල ගැටුමේ ඇත්තම කතාව සිසුන් හෙළි කරයි
-
December 5, 2023
නැගෙනහිරට වෛද්‍ය හිගයක්