කෙහෙළිය බේරගන්න කොළේ වහන්න ගිය CID ය ගැන අධිකරණයට හෙළි වෙයි

  • By editor
  • December 28, 2023
  • 0
  • 331 Views

හියුමන් ඉමියුනිග්ලොබීන් බාල එන්නත් රජයේ රෝහලට බෙදා හැරියේ ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත බව හෙළි වේ.

මෙම සිද්ධියට අදාළව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සමාගමේ හිමිකරු සඳහන් අධිකරණයේ දී මෙම කරුණු හෙළිදරව් වී තිබේ.

මෙම සිද්ධියට අදාළව ඔහුගේ නීතිඥයා විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම කරුණු සදහන් කර ඇත.

 කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම සිද්ධියට සම්බන්ධ බවට සමාගමේ හිමිකරැ විසින් රහස් පොලීසියට ප්‍රකාශයක් දුන්නද ඒ පිළිබඳව සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කළ බවද ඔහුගේ නීතිඥවරයා අධිකරණයේදී කියා සිටියේය.

කරුණු විමසා බැලීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් සැකකරුගෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් බන්ධනාගාරය තුළදී සටහන් කර ගැනීමට විනිසුරුවරිය රහස් පොලිසියට නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *