ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ජනක එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටි කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පැමිණිලි කළ ඇමති උපදේශකයෙකු වූ ආචාර්ය සංජය පෙරේරා ට නව තනතුරක් අද හිමිව තිබේ.
සෞඛ්‍ය ඇමතිධූරයෙන් ඉවත් කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මේ වනවිට පරිසර ඇමතිධූරය හොබවයි. එම අමාත්‍යාංශයේ ඇමති උපදේශකවරයා ලෙස අද දිනයේ ඔහු පත්වීමක් ලබා තිබේ.
තමන්ට ඖෂධ කළමනාකරණය පිළිබඳ උපාධියක් ඇති බව ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ජනක එන්නත් ලබාගැනීමේ සිද්ධියේ මහ මොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බව අධිකරණයේ දී නීතිඥවරු පසුගිය දා තර්ක කළහ.