කෙහෙළිය හඬාවැටුණ ආකාරය ගැන චමල් සංජීවගෙන් හෙළිදරව්වක්

  • By editor
  • February 7, 2024
  • 0
  • 78 Views

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට මරණ දඬුවම දිය යුතු බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සදහන් කරයි.

හිටපු අමාත්‍යවරයා විසින් සිදුකර ඇත්තේ මිනීමැරීමට සමාන වංචාවක් බව පෙන්වා දෙමින් ඔහු මෙම අදහස් පළකළේය.

කෙසේවෙතත් කෙහෙළිය රඹුක්වැල්ල නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බව ද ඔහු හෙළිකළේය.

අමාත්‍යවරයාට දඬුවම් දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද මැදිහත් නොවූ බවත් ඒ ආකාරයෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ගැන හෙළිවූ විට ද කටයුතු කළයුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *