‘කොටියා’ අත්අඩංගුවට ගත් IP ට ස්ථාන මාරු

  • By editor
  • May 17, 2023
  • 0
  • 144 Views

දෙහිවල-ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘කොටියා’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත හිටිහැටියේ මීගමුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්මලාන ‘කුඩු අංජුගේ’ ඥාතියෙකු වන ‘කොටියා’ නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමගම මේ වන විට ප්‍රංශ පොලීස් අත්අඩංගුවේ පසුවන ‘කුඩු අංජු’ නමැත්තාගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඊට පසු දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තාප්පයේ “දැන් සැපද” යනුවෙන් කිසියම් පුද්ගලයකු සටහන් කර තිබූ බව එම ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කැස්බෑව අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

ඊට අමතරව ඉකුත් කාලයේ පුරා ‘කුඩු අංජුගේ’ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන ගෝලයකු වන ‘බඩෝවිට නලින්’ නැමැත්තාද අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබුණි.

ඊට අමතරව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් ගල්කිස්ස කොට්ඨාසයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවකට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දක්ෂතාවය මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *