කොටුව දුම්රියපොළේ කෑම පැයට කරන දේ වීඩියෝ කරන්න ගිය ධනීෂ්ට ගුටි පූජාවක් 

  • By editor
  • October 28, 2023
  • 0
  • 254 Views

පසුගිය අරගල සමයේ කැපී පෙනෙන චරිතයක් වූ ධානිෂ් අලි ඊයේ කොටුව දුම්රිය ස්ථානයේදී ඇති කරගත් ආරවුලකින් පසු පොලිස් අත්අඩංගුවට පත් ව ඇත.

ඔහු ඊයේ (27) දහවල් කෑම පැයේ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කිරීමේ අංශයට ගොස් කවුන්ටර වල 20-25 පමණ දෙනා රස්තියාදු වෙමින් සිටින බවට ෆේස් බුක් ලයිව් ඔස්සේ චෝදනාත්මක වීඩියෝවක් කරමින් සිට තිබේ.

ඔහු පෙන්වා දුන්නේ කෑම පැයට යයි කියමින් කවුන්ටර වල සේවකයින් ඇතුළේ කෑමට ගියත් නැවත වේලාවට ඇවිත් නැති බවත් වැඩ කරන්නේ එක් අයෙකු පමණක් බවත්ය. 

මේ ගැන චෝදනා කරමින් ඔහු තනියම ලයිව් වීඩියෝව කළද අවට සිටි අයට මේ ප්‍රමාදය ප්‍රශ්නයක් වී නැත.

කෙසේ හෝ කෑම කා අහවරවී පැමිණි සේවකයින් ඔහුට පහරදෙන දී තිබේ.

පසුව පොලිසිය කැඳවා ඔහු බාරදෙන්නට දුම්රිය ස්ථාන බලධාරීන් කටයුතු කර තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ‘කලහකාරී ලෙස හැසිරීම‘ හේතුව මුල් කරගෙන පොලිසිය ඔහුව ඊයේ අත්අඩංගුවට ගත් බව සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *