කොම්පඤ්ඤ වීදියට ගැසට්ටුවක්

  • By editor
  • May 23, 2023
  • 0
  • 97 Views

“කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දෙමළ භාෂාවෙන් “ஸ்லேவ்ஐலன்ட்” ලෙසත්, ඉංග්‍රීසි භාෂාවෙන් “Slave Island” ලෙසත් හැදින්වේ.

එම ග්‍රාම නිලධාරී වසමේ නම භාෂාත්‍රයෙන්ම “කොම්පඤ්ඤ වීදිය” ලෙස හැඳින්වීම යෝග්‍ය බවට යෝජනා වීමත් සමඟ එම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊට අදාළ අංක 743/5 දරන 1992.12.01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *