කොළඹ ජාතික රෝහලේ ප්‍රතිජීවක ඖෂධයක් විස වී රෝගියෙක් දැඩිසත්කාරේ

  • By editor
  • December 11, 2023
  • 0
  • 85 Views

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකුට එන්නතක් ලබාදීමෙන් පසුව ආසාත්මිකතාවයකට ලක්ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

මෙම රෝගියා ඇදුම රෝගයෙන් සහ බඩේ වේදනාවක් හේතුවෙන් රෝහලට ඇතුළත් වී තිබේ. එහිදී වෛද්‍ය උපදෙස් මත ඔහුට සෙෆ්ට්‍රැක්සොන් නැමති ප්‍රතිජීවක ඖෂධය එන්නත් කර ඇත. 

එම එන්නත ලබා දී සුළු වේලාවකින් රෝගියාගේ ඇග පණ නැති වී හුස්ම ගැනීමේ අපහසුතාවට පත්ව තිබේ. එසේම ඔහුගේ රුධිර පීඩනය අඩු වී, පෙනහැල්ලේ ඔක්සිජන් ධාරිතාව ද ඉතා අඩු වී ඇත. අනතුරුව ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කෙසෙවෙතත් මෙම එන්නතේම ඉන්දියානු නිෂ්පාදනයක් දීමෙන් අනතුරුව මහනුවර මහරෝහලේ දී රෝගියෙකු මියගොස් තිබෙන බව ද වාර්තා වේ. 

මෙම එන්නත ද එම කාණ්ඩයටම අයත් වූවක් ද යන්න පිලිබද මේ වනවිටත් අනාවරණය වී නොමැත. එසේම මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *