කොළඹ ජාතික රෝහලේ රාත්‍රී කෑම මධ්‍යම රාත්‍රීයේ දී දීලා

  • By editor
  • January 13, 2024
  • 0
  • 60 Views

කාර්යාල සේවකයන් සේවයෙන් ඉවත් වී සිටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ (11) රාත්‍රී ආහාරවේල ලබා දී ඇත්තේ මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාවක බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එදින දහවල් කාලයේදී රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට අවශ්‍ය වියළි සලාක බාර ගැනීමට වගකිවයුත්තෙක් සිට නොමැති බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

කෙසෙවෙතත් තත්වය කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබුණත් බලධාරීන් නිසියාකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *