කොළඹ ජාතික රෝහලේ ICU නොමැතිව දරුවෙක් මියයයි – ජැක්සන් ඇන්තනී දින 500ක ට වඩා ICU එකේ

  • By editor
  • September 27, 2023
  • 0
  • 173 Views

රෝගී වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තම දියණියට එහි දැඩි සත්කාර ඒකකයේ පහසුකම් නොතිබීම හේතුවෙන් මියගිය බවට මවක් චෝදනා කරයි.

තම රෝගී දියණියට ඇඳක් හා කෘතිම ස්වසන යන්ත්‍රයක් ලබා ගැනීමට නොහැකිවීමෙන් මෙම මරණය වූ බවට ඇය සදහන් කර ඇත.

ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මොලය මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පවසා තිබියදී රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දින පන්සියයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ රැදී සිටීම මත මේ ආකාරයෙන් මරණ සිදුවන බවට චෝදනා කරමින් ඇන්තනී පවුලට දෝෂාරෝපණය කර තිබේ.

මෙරට සෞඛ්‍ය සේවය තුළ මෙවන් අසාධාරණයක් සිදු වන්නේ පළමු වතාවට බවත් පවසන ඇය ඇත්තනී පවුලට ජැක්සන් ඇන්තනීට ප්‍රතිකාර කිරීමට මේ තරම් අවශ්‍ය නම් පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට හොඳින්ම හැකියාව ඇතැයි ද එමගින් පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *