කෝට්ටේ හිටපු නගරාධිපතිගෙන් කප්පම් ඉල්ලූ සැකකරු අත්අඩංගුවට 

  • By editor
  • December 21, 2023
  • 0
  • 148 Views

කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක  මහතාගෙන් රුපියල් කෝටි 05ක කප්පම් ඉල්ලූ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තමන්ගේ දරුවන් මරා දමන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලූ බවත් ඔහු පැමිණිල්ල මගින් දන්වා තිබේ.

ඒ අනුව පරීක්ෂණ සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය කොළොන්නාව ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මීට දින කීපයකට ඉහතදී ඒ මහතාගේ ජංගම දුරකථනයට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇමතුම් ලබාගෙන  සැකකරු විසින් කප්පම් මුදල් ඉල්ලා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *